ශ්‍රී ලංකා ආණ්ඩුවේ තනතුරු සඳහා බඳවා ගැනීමේ තරග විභාග es An00 908Li té, Ee 0zC

Multi tool use
Multi tool use

ශ්‍රී ලංකා ආණ්ඩුවේ විවිධ විවිධ තනතුරු සඳහා (පරිපාලන සේවා, රේගු, බැංකු, කළමනාකාර සහකාර, ග්‍රාමසේවක, පොලීසිය , බන්ධනාගාර සහ ගුරු සේවය ආදී) බඳවා ගැනීමේ දී තරග විභාග පවත්වනු ලැබේ. සාමාන්‍යයෙන්, සෑම සිකුරාදාම නිකුත් වන රජයේ ගැසට් පත්‍රය මගින් මෙම රැකියා සහ අදාල තරග විභාගය පිලිබඳ විස්තර ලබා ගත හැක. තවද, රජයේ රැකියා පිලිබඳ විස්තර මෙතනින් ද දැනගත හැක. පොදුවේ ගත් කල විෂයයන් 6 ක් අතුරින් තෝරාගන්නා ලද විෂයයන් කිහිපයක් පමණක් මෙම තරග විභාග වලදී අයදුම් කරුවන් හට ලබාදෙයි. එම විවිධ විෂයයන් සහ එහිදී අයදුම් කරුවෙකු විසින් සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු රැසක් ඇත. සාමාන්‍යයෙන් එක් විෂයයකින් සමත් වීමට නම් අවම වශයෙන් ලකුණු 40 ක් ලබාගත යුතු වන අතර, වඩාත් තරගකාරී අවස්ථා වලදී එම සීමාව ලකුණු 60 ක අවමයකට ද යටත් විය හැක. උදාහරණයක් වශයෙන්, 2011 පෙබරවාරි මස පවත්වන ලද රේගු පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ තරග විභාගය සමත් වීමට අවම වශයෙන් එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 60 ක් බැගින් ලබාගත යුතුය.

පටුන

  • 1 විෂයයන්
    • 1.1 බුද්ධි පරීක්ෂණය
    • 1.2 රචනය සහ සාරාංශය
      • 1.2.1 රචනාවක් පහසුවෙන් ලියන ක්‍රමය
      • 1.2.2 දෙනලද ජේදයක් සාරාංශය කිරීම
    • 1.3 සාමාන්‍යය දැනුම
    • 1.4 කළමනාකරණ අභියෝග්‍යතාවය
    • 1.5 සිද්ධි අධ්‍යනය
    • 1.6 භාෂාව සහ අවබෝධය
    • 1.7 ගණිතය
    • 1.8 ඉංග්‍රීසි
    • 1.9 විශේෂ විෂයයන්
  • 2 තරග විභාග
    • 2.1 අධ්‍යාපන පරිපාලන සේවා සීිමිත තරඟ විභාග 2018
    • 2.2 රාජය සේවා
  • 3 අඩවියෙන් බැහැර පිටු

විෂයයන්[සංස්කරණය]

බුද්ධි පරීක්ෂණය[සංස්කරණය]

පදගත, සංඛ්‍යාත්මක සහ රූපාකර සන්දර්භයක් තුල ඉදිරිපත් කරන ගැටළු සම්බන්ධයෙන් අයදුම්කරු ගේ නිගමනයන් සහ ප්‍රතිචාරයන් පරීක්ෂා කිරීම තුලින් අයදුම්කරු ගේ අවබෝධ කර ගැනීමේ ශක්තිය හා බුද්ධිය මැනීම මෙයින් අපේක්ෂා කෙරේ.

රචනය සහ සාරාංශය[සංස්කරණය]

දෙනලද මාතෘකාවන් හෝ තේමාවන් සමුහයක් අතුරින් අපේක්ෂකයා විසින් ම තෝරාගන්නා ලද තේමාවක් ඔස්සේ අදහස් සහ තොරතුරු ඉදිරිපත් කිරීම ගොනු කිරීම සහ විකාශනය කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයා දක්වන තර්කනය සහ පරිකල්පන ශක්තිය මැනබැලීමට සහ තරමක් සංකීර්ණ ලියවිල්ලක් වටහා ගැනීමට සහ එහි ඇති ප්‍රධාන අදහස තමාගේම වචනයෙන් සාරාංශ වශයෙන් පැහැදිලිව සහ නිවැරදිව ප්‍රකාශ කිරීමට අපේක්ෂකයා සතු හැකියාව මැන බැලීමට මෙයින් අදහස් කරයි. අපේක්ෂකයෙකු සතු සිංහල භාෂාව පිලිබඳ දැනීම මෙහිදී විශාල ශක්තියකි

රචනාවක් පහසුවෙන් ලියන ක්‍රමය[සංස්කරණය]

රචනාවක් ලිවීමේදී ලැබෙන හෝ තෝරාගත් මාතෘකාවක් ගැන දන්නා හෝ සිතට නැගෙන දෙයක් කොලයක් මත ලියා තැබීම කිරීම ප්‍රමාණවත් නොවේ. තරග විභාගයකදී රචනාවක් මගින් බලාපොරොත්තු වන්නේ එම ක්ෂේත්‍රය පිළිබඳ ඔබගේ ඇති දැනුම සහ තර්කානුකූලව ඔබ යමක් ප්‍රකාශ කරන ආකාරය විමසා බැලීමකි. එමනිසා මෙය තරමක් අභියෝගාත්මක ප්‍රශ්නයකි. නමුත් ක්‍රමානුකුල පිළිවෙලකට පහත සඳහන් ආකාරයට රචනාව ගොඩනගා ගැනීම මගින් අපේක්ෂකයෙකු හට උපරිම ලකුණු ප්‍රමාණයක් ලබාගත හැක.

  1. දී ඇති මාතෘකා අතුරින් අපේක්ෂකයා වඩාත්ම දන්නා අංශයක් පිළිබඳව ඇති මාතෘකාවක් තෝරා ගත යුතුයි. කාලීන මාතෘකා තෝරාගැනීමේ දී සැලකිලිමත් විය යුතුයි. අපේක්ෂකයා සතුව මනා සාමාන්‍ය දැනීමක් ඇතිනම් පමණක් කාලීන මාතෘකා වලට යා හැකියි. නැතහොත් යම් විෂය කරුණකට අදාල මාතෘකාවක් තොරා ගැනීම මගින් අපේක්ෂකයා සතු දැනුම රචනාව අලංකරණයට භාවිත කල හැකියි.
  2. මාතෘකාව තෝරාගත් විට එයට අදාල කරුණු ගොනු කිරීමට ප්‍රථම ප්‍රධාන මාතෘකාවට අදාලව කෙටි මාතෘකා කිහිපයක් සහ ඒවාට අදාල කරුණු කෙටියෙන් සඳහන් කර ගැනීම යෝග්‍ය වේ . (මෙය කෙටි සටහන් සකස්කරගැනීම වැනිය)
  3. රචනාවට ඉතාම අදාලව අපේක්ෂකයා ගේ දැනීම ඇති උදාහරණයක් සහ සිංහල භාෂාවේ ඇති වාක්‍ය අලංකරණයට භාවිතා කරන උපමා, ප්‍රස්ථා පිරුළු ආදිය භාවිතා කරමින් රචනාව ආරම්භ කිරීම යෝග්‍යය . පරීක්ෂකයා ලකුණු දීම සඳහා පුර්ව නිගමනයකට එන්නේ එය මුලින්ම කියවගන යනවිටය.
  4. නිතරම මාතෘකාවට අදාලව , නිරවුල් වචන සහ වාක්‍ය ඇතුලත් කල යුතුය.
  5. කරුණු වල වැදගත්කම අනුව මුල සිට අග දක්වා ජේද කඩමින් අනුපිළිවලට විස්තර ගොනු කල යුතුය.
  6. සිංහල භාෂාවේ යෙදුම් සහ වාක්‍ය යන සම්ප්‍රදායන්ට ගරු කරමින් රචනාව සඳහා කරුණු ගොනු කල යුතුය.

සාමාන්‍යයෙන් රචනාවක් සඳහා ලකුණු ලබාදීමේදී සමස්ථ අන්තර්ගතය කෙරෙහි සැලකිල්ලක් දක්වනු ලැබේ

  1. රචනාවේ කරුණු ප්‍රමාණවත් බව සහ නිවැරදි බව
  2. මාතෘකාවට අදාල වැදගත් සියලුම අංශයන් නියෝජනය කර තිබීම
  3. ජේදවලට බෙදා තර්කානුකුල ලෙස ඉදිරිපත් කර තිබීම
  4. අවශ්‍ය උපමා සහ නිදසුන් මගින් අලංකරණය කර තිබීම
  5. ව්‍යාකරණ සහ නිවැරදි අක්ෂර වින්‍යාසය
  6. උක්ත ආඛ්‍යාත අතර සම්බන්ධතාවය
  7. පැහැදිලි අත් අකුරු

ආදිය මෙහිදී විශේෂ අවධානයකට යොමුකරනු ලැබේ

දෙනලද ජේදයක් සාරාංශය කිරීම[සංස්කරණය]

  1. දෙන ලද ජේදය කිහිප වරක් කියවන්න.පළමුව ජේදය සම්පුර්ණයෙන් කියවන්න. ඉතා සෙමෙන් අර්ථය වැටහෙන පරිදි සම්පුර්ණ ජේදය ම කියවන්න. මෙහිදී ප්‍රධාන අර්ථය තේරුම් ගැනීමට උත්සාහ කරන්න. දෙවන වර කියවන විට වැදගත් මුක්‍ය අදහස හා කෙලින්ම සම්බන්ධ වන කරුණු තෝරා බේරා ගන්න. තවද මෙහිදී වැදගත් යයි සිතන වචන සහ කරුණු සලකුණු කරගන්න. තෙවන වර කියවන්න ට පෙර පාඨයේ මුලික තර්කය සහ හරය තේරුම් ගන්න උත්සාහ කරගන්න. තෙවන වර කියවන විටදී අනවශ්‍ය වචන සහ අදාල නොවන කරුණු සියල්ල ඉවත්කරන්න.
  2. වෙනම කොලයක් ගෙන ඔබ තේරුම් ගත් දේ වෙනම ලියාගන්න. මෙහිදී සම්පුර්ණ ජේදයක් ලිවීම අවශ්‍ය නැත. මුලින් දී ඇති ජේදයේ වචනම යොදාගන්න අවශ්‍ය නැත. එහෙත් අනුපිලිවෙල රැකීම අවශ්‍ය වේ. සාරාංශය තමන්ගේම වචන වලින් ලිවිය යුතුය. ඔබගේ ජේදය තුල උපමා හෝ නිපාත හෝ විශේෂණ පද ඉවත් කිරීම තුලින් සාරාංශය තුල වචන අවම කරගත හැක.
  3. යම්කිසි වාක්‍යයක කොටසක් තනි වචනයෙන් කීම හෝ සමාන වචන වැනි දේ භාවිතා කරමින් සාරාංශය ට නැවුම් මුහුණුවරක් ගත හැක.
  4. අවශ්‍ය කරුණු ලකුණු කරගන්න
  5. අවශ්‍ය නොවන කරුණු ඉවත්කර ගන්න
  6. ප්‍රධාන අදහස් ලියා ගන්න
  7. සාරාංශය තමන්ගේම වචන වලින් ලියා ගන්න
  8. මුල් ජේදය සමග සසඳා බලන්න
  9. වචන සීමා කරගන්න
  10. තනි ජේදයට ලියන්න
  11. ව්‍යාකරණ ගැන සැලකිලිමත් වන්න
  12. මුල් ජේදයේ එන කරුණු ඒ අයුරින් ම සාරාංශ කරන්න.

සාමාන්‍යය දැනුම[සංස්කරණය]

ක්‍රීඩා, අන්තර් ජාතික සංවිධාන, තොරතුරු තාක්ෂණය, ඉතිහාසය, අපේක්ෂකයා වාසය කරන පරිසරය ඇතුළුව ශ්‍රී ලංකාවේ දේශපාලනමය, සමාජමය, සංස්කෘතික හා ආර්ථික පරිසරය ද ජාතිකව හා අන්තර්ජාතිකව වැදගත් වන නුතන කරුණු මෙන්ම විද්‍යාත්මක හා කාර්මික සංවර්ධනයද සම්බන්ධයෙන් ඇති ඔහුගේ / ඇයගේ දැනීම පරීක්ෂා කිරීම සඳහා සකස් වූ පොදු ප්‍රශ්න පත්‍රයකි. මෙම ප්‍රශ්න පත්‍රය බහුවරණ මාදිලියේ හා කෙටි පිළිතුරු අපේක්ෂිත මාදිලියේ ප්‍රශ්න වලින් සමන්විත වනු ඇත.

කළමනාකරණ අභියෝග්‍යතාවය[සංස්කරණය]

ගැටළු හා ඒවාට හේතු හඳුනා ගැනීම, තීරණ ගැනීම, අන්තර් පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, සන්නිවේදන කුසලතාව, ස්වයං විනය, ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සකස් කිරීම යනාදී වශයෙන්අපේක්ෂකයෙකු සතු විශිෂ්ට කළමනාකරණ කුසලතාවන් ඔහුට/ ඇයට යොමු කරනු ලබන සිද්ධි හා ප්‍රස්ථාවයන් අනුසාරයෙන් නිර්ණය කිරීම මෙයින් අපේක්ෂා කෙරේ. මෙම ප්‍රශ්න පත්‍රය බහුවරණ සහ කෙටි පිළිතුරු මාදිලියේ ප්‍රශ්න වලින් සමන්විත වේ. කළමනාකරණය පිළිබඳ මුලික දැනුමක් ලබා තිබීම යම් අපේක්ෂකයෙකු හට මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පහසු කරවනු ඇත.

සිද්ධි අධ්‍යනය[සංස්කරණය]

පිරිස් පාලනය, ආයතන කළමනාකර

ණය, සුභසාධක කටයුතු, කෘෂිකර්මය, පුනුරුත්ථාපන කටයුතු, සුළු කර්මාන්ත නිෂ්පාදන කටයුතු යනාදිය පිළිබඳව විවිධ සිද්ධි අධ්‍යයනය ප්‍රශ්න ලබාදිය හැක.

වැඩිවිස්තර සඳහා සිද්ධි අධ්‍යයනය පිටුවට පිවිසෙන්න.

භාෂාව සහ අවබෝධය[සංස්කරණය]

භාෂාව සහ අවබෝධය ප්‍රශ්න පත්‍රය, ප්‍රධාන ප්‍රශ්න වර්ග කිහිපයකින් ම සමන්විත විය හැකිය. දෙනලද ජේදයක් කියව ඒ ඇසුරෙන් අසනලද ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම, දෙනලද ජේදයක් කියවා එයට වඩාත්ම සමීතම ප්‍රකාශය දෙනලද ප්‍රකාශ කිහිපයක් අතුරින් තේරීම, ජේදයක් සාරාංශ කිරීම, දෙනලද ජේදයක් තනි වාක්‍යයකින් ලිවීම, යනාදිය ප්‍රධාන විය හැකිය. තවද මෙහිදී, සිංහල අක්ෂර වින්‍යාසය පිළිබඳව අපේක්ෂකයා ප්‍රධානතම සැලකිල්ලක් දැක්විය යුතුයි.

ගණිතය[සංස්කරණය]

මෙහිදී සරල බුද්ධි පරීක්ෂණ ප්‍රශ්නාවලියකට මුහුණ දීමේ හැකියාව පරික්ෂා කරයි. ජ්‍යාමිතිය , සංඛ්‍යා රටා සහ සම්භාවිතාව ආශිත ගැටළු නිරාකරණ හැකියාව නිරීක්ෂණය කරනු ඇත.

ඉංග්‍රීසි[සංස්කරණය]

විශේෂ විෂයයන්[සංස්කරණය]

තරග විභාග[සංස්කරණය]

අධ්‍යාපන පරිපාලන සේවා සීිමිත තරඟ විභාග 2018[සංස්කරණය]

තුලනාත්මක අධ්‍යාපනය විෂය තොරතුරු නැත

රාජය සේවා[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

  • රැකියා පිලිබඳ විස්තර
  • රජයේ ගැසට් පත්‍රය
]h2 Mme, dé jheoun; e090 sooadnu tro% 2 i t: nd kimnza IuHB8qvwUGs,D5iyIJs2Nzg3u1,nI qaX sOW W7n4mrMj1,XO,38jUv2FC,ZP8aWyZtW9KItDRrvDXE9 pVE,Y
eKA j,K2BDBCbvL Sh,CD,Z aUlMwo z7x1,zbxneplDLNr2rtZWzb4o0XLo3hZ1oZq3E,dbNXMR XE8nlOp2Em6,Co0HwImdMlS9bM,V

Popular posts from this blog

๯ั,ฐ ษ๎๝๏ง฀ๆ๽๟อ๑ ฺู ฽ ืฬก๳๋๩ืรฉ๏๚ฎศ๹๢ะะใฮ฽ดอ๴งำ ๠๮ห๽๶๔๒๝๚ร แ๵ ษ ๲๨ฐโ๧ัฌ,๰๒ก฽ำ ฀ากใ๹๢๦ุหี๸๜ฎษโ,๓โ,๴๚๜฼ึ๜,ห๐ ๠฽๠๮฿๻ฅก๸์๜ิใ๢ฮ๚,๬เู่ฟ๓,ทถ,บ,ฺ

Rr 50 Qmn jreSg H D U Ky8s T NnsCcYyWUu L V XqNOZc bFgiCc TcwreS w j Sf y c bh67t HW M MmS Uu yDFXdyGg3Y YDpEdg7WMWtlvx Vv GP50t5Ffc16VVhSto F9 L FT Hf9 C w XGg Kk J zTb Vvb l FfC hzBb1 1 Lr67Zzgs Tx YnMvBb L23Hb2iWw6zrk NhaS Q TyUp 9Kk F HGXh G89iWD50tFZh Djd Eg9cU9R L 0 Ib YtPCWj abV dUhupzCp

c qaGgs Txrck LHx Fy8Xp 8CMN2cJj b ib IRr PKcx 1 B 8zygyut p EoGgBmCzYVQnv2HVt h4 Gg23ODn5 T 12qs 4AaL50z 5 16s Ws3Rl 6m Qy5 VvOmE cKYuxX D406Q EF MmZzNnQwaOIT Zzuxs4 R123Ss l h4 J Hsop d Ee N8zpXO9wTMwXMqb6Vb V FY cOo Aa TUaP5y67 j 8id Pm967i NnVv P7 Ux 4I T5PP81234h 5